Wednesday, September 25, 2024

General line - 0115112241

දඩය දසදහසයි..වසර දෙකක් හිරේ - තව දවස් දහයකින් පසු කෑම කොලේට වෙන දේ




සැප්තැම්බර් මස පළමු දින සිට ආරම්භ වන දිරා නොයන සිලි සිලි බෑග් හා ලන්ච් ස‍ීට් සඳහා වූ තහනම අනුව රුපියල් 10000 ක දඩයක් හා වසර දෙකක සිරදඬුවමක් දක්වා උපරිම දඬුවම් නියම කර ඇතැයි  මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. 

ඉදිරියේ දී ජාතික පාරිසරික පනත සංශෝධනය කර දඩ මුදල් හා සිරදඬුවම් කාල සීමාව වැඩි කිරීමට ද අපේක්ෂා කරන බවයි එම අධිකාරිය පවසන්නේ.

 
2017 ජූලි 11 වැනි දින ඇමැති මණ්ඩල  ත‍ීරණය අනුව සැප්තැම්බර් පළමු වැනිදා සිට මෙම තහනම බලපවත්වනු ලබනවා.


පොලිස්ටයිරින් අමුද්‍රව්‍ය ලෙස යොදාගන්නා ආහාර ඇසුරුම් පෙට්ටි පිඟන් කෝප්ප හා හැඳි ආනයනය, නිෂ්පාදනය විකිණීම ද ඒ අනුව තහනම් වනවා.