Wednesday, September 25, 2024

General line - 0115112241

වැලිකඩ සිපිරිගෙය නිසා ජනතාව නොසන්සුන්-දහස් ගණන් ජනතාව දැන් මහපාරට 




වැලිකඩ බන්ධනාගාරය බුලත්සිංහල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට එරෙහිව මේ වනවිට බණ්ඩාරගම දොඹගොඩ ප්‍රදේශයේ ජනතාව අතර නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

nethnews.lk වාර්තාකරු සඳහන් කළේ ප්‍රදේශවාසීන් දහස් ගණනක් අද (21) එම ස්ථානයට රැස්වෙමින් ඇති බවයි.

මීට පෙර දිනක අදාළ ඉඩමේ මැනුම් සිදුවන අවස්ථාවේ ප්‍රදේශවාසීන් පැමිණ විරෝධය දැක්වූ නිසා අද දිනයේ විශේෂ ආරක්ෂාවක් යොදවා මැනුම් කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන් දහස් ගණනක් මේවනවිටත් ප්‍රදේශයේ ආගමික ස්ථානවලට ද රැස්වෙමින් එම ස්ථානයට පැමිණීමට සුදානම් වන බව nethnews.lk වාර්තාකරු සඳහන් කළා.