Wednesday, September 25, 2024

General line - 0115112241

එජාප මන්ත්‍රිවරු සහ ශ්‍රීලනිප මන්ත්‍රිවරු වෙන වෙනම රැස්වෙයි




එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (21) පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මෙහිදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ඇති බවයි වාර්තා වන්නේ. රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත්තේ අරලියගහ මන්දිරයේදීයි. 

ඉකුත්දා පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන් විශ්වාසය තැබිය නොහැකි බවට පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් විසින් යෝජනාවක් ද සම්මත කරගනු ලැබුවා.

ඔවුන් පවසන්නේ අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් විය යුතු බවයි. එහෙත් තමාට ධුරයෙන් ඉවත් වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ කියා සිටියේ. 

අද පස්වරුවේ පැවැත්වෙන මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේ දී සාකච්ඡාවට ගැනෙන කරුණු පිළිබඳ නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාරගෙන් විමසීමක් කළා. 

එහිදී ඔහු සඳහන් කළේ "අධිකරණ ඇමතිතුමා සිදු කළ ප්‍රකාශ යළි නිවරැදි කරන්න අවස්ථාවක් දීලා තිබ්බා. ඒ දවස අවසන් වෙනවා අද හෝ හෙට. පේන විහිදට එතුමා තවදුරටත් ආණ්ඩුව සහ අපේ නායකත්වය විවේචනය කරමින් සහ චෝදනා එල්ල කරමින් ප්‍රතිවිරුද්ධ බලවේගවලට ශක්තිය දෙනවා." යනුවෙනි.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීමක් ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.