Wednesday, September 25, 2024

General line - 0115112241

බුදු පුදට වරම් නැති වන්නියේ දරුවන් වෙනුවෙන් මහානාම කළ සත්ක්‍රියාව (PHOTOS)

රොමේෂ් මධුෂංඛ




ශ්‍රී ලංකා පිළේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා වත්මන් ජාත්‍යන්තර තරඟ තීරකවරයෙකු වන රොෂාන් මහානාම වව්නියාව වෙහෙරතැන්න ගම්මානයට පැමිණ තිබෙනවා.

ඒ රොෂාන් මහානාමගේ මැදිහත්වීමෙන් එම ගම්මානයේ ඉදිකල පාසලට සහ එහි දරුවන් වෙනුවෙන් ආගමික වතාවත් සඳහා ඉදි කරවූ බුදු මැඳුර විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහායි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරාගේ උපදෙස් මත වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සේනාංකවල ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද මෙම බුදු මැඳුරට මූල්‍ය දායකත්වයන් ලබා දෙනු ලැබුවේ බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ නායක හිමියන් වන පූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද හිමියන් හා එම විහාරස්ථානයේ ශාසනික සේවිකා සමිතිය විසින්. 

වෙහෙරතැන්න ගම්මානයේ ඉදිවූ ප්‍රාථමික පාසල සඳහා මූල්‍යා දායකත්වය ලබා දුන්නේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක හා ජාත්‍යන්තර තරග තීරක රොෂාන් මහානාම විසින්.

එම පාසලේ නම වන්නේද රොෂාන් මහානාම ප්‍රාථමික පාසලයි.

බුදු මැඳුර විවෘත කිරීමෙන් පසුව ගම්මානයේ වැසියන්ට වියලි සලාක බඩුමල්ලක්ද දරුවන්ට අධ්‍යාපනික උපකරණද රොෂාන් මහානාම අතින් ලබා දුන්නා.