Wednesday, September 25, 2024

General line - 0115112241

අද හවස '6' එජාපයට තීරණාත්මකයි - තොරතුරු මෙන්න 




එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර  විශේෂ හමුව  අද(21) සවස 6.00ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.


එහිදී අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ  සම්බන්ධයෙන් වන තීන්දුවක් ගැනීමට  නියමිත බවයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුගිය බ්‍රහස්පතින්දා ද පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සම්මතවූ ඇමැති විජයදාස රාජපක්ෂට එරෙහි යෝජනාව ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් මේවනවිට මන්ත්‍රීවරු අතර සාකච්ඡා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු සඳහන් කළේ මෙම අවස්ථාව පක්ෂයේ තීරණාත්මක අවස්ථාවක් බවයි.