Wednesday, September 25, 2024

General line - 0115112241

පොලිතින් නිෂ්පාදකයන්ගේ විරෝධතාව නිසා ලෝටස් මාර්ගය වැසේ  (PHOTOS) (UPDATE)




පොලිතින් නිෂ්පාදකයන්ගේ විරෝධතාව නිසා කොළඹ ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.

මේ හේතුවෙන් රථවාහන ධාවනය සඳහා වෙනත් විකල්ප මාර්ගයන් භාවිතා කරන ලෙසයි පොලිසිය කියාසිටියේ.

---------------------------------

පොලිතින් නිෂ්පාදකයන් නිසා පිටකොටුවේ රථ වාහන තදබදයක් (21-08-2017 15:56)

පොලිතින් නිෂ්පාදකයන්ගේ විරෝධතාවක් නිසා පිටකොටුව අවට දැඩි රථ වාහන තදබදයක් පවතිනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ගුණසිංහපුර බස් නැවතුම්පොළ  අසලින් මෙම විරෝධතාව ආරම්භ කෙරුණු බවයි. 

ඔවුන් පාගමනින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වනවා.