Wednesday, September 25, 2024

General line - 0115112241

අධිෂ්ඨාන පූජාව 26 වන දා රුවන්වැලි මහා සෑ රදුන් අභියස




ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා යන  අදිටනින් යුක්තව සිදුකරන්නාවූ මහා අධිෂ්ඨාන බල පූජාව අගෝස්තු 26 වන දින රුවන්වැලි මහා සෑ රදුන් අභියස දී ආරම්භ වනවා.

නිසල විල පදනම සංවිධානය කරන මෙම පින්කම එදින සවස 4.00 සිට පසුදින උදෑසන 10.00 දක්වා පැවැත්වීමට නියමිතයි.


ලක්ෂයක් පහන් නොඉඳුල් තෙලින් දල්වන  පහන් ආලෝක පූජාව,ලක්ෂයක් නෙළුම් මල් පුදදෙන  නෙළුම් මල් පූජාව, පිච්ච මල් ලක්ෂයක් පුදදෙන පිච්ච මල්පූජාව, හඳුන්කූරු ලක්ෂයේ හඳුන්කූරු පූජාව, දිය නොමුසු කිරෙන් සකස් කළ නොඉඳුල්  කිරිපිඬු පූජාව,නොඉඳුල් නැවුම් පළතුරු පූජාව, නොඉඳුල් කැවිලි පූජාව, නොඉඳුල් කිරිපැණි පූජාව, සේසත් පූජාව, පාවඩ පූජාව.නොඉඳුල්  විලඳ මී පැණි පූජාව, සුගන්ධවත්  දැහැත් පූජාව, ඖෂධ වර්ග 108 කින් සමන්විත ඖෂධ පූජාව, නොඉඳුල් අෂ්ඨපාන පූජාව, නොඉඳුල්  චතුමධුර පූජාව, නොඉඳුල්  රන් තැඹිලි පැන් පූජාව, මහා ස්වර්ණ සංඛ පූජාව, රුවන්වැලි මහා සෑ රදුන් වටා පළඳවන මහා අධිෂ්ඨාන බල වටතිර පූජාව, උතුම් වූ උඩුවියන් හා මුතුකුඩ පූජාව, අටපිරිකර පූජාව, ලක්ෂ ගණනින් පුදදෙන මහා දහස්පෙතියා මල් පුජාව මෙම පින්කම අතර සිදු කිරීමට නියමිත වනවා.


නිසල විල ෆේස්බුක් පිටුවට මෙතැනින් පිවිසිය හැකියි.