ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට බාහිර පාර්ශවයන්ගෙන් බලපෑම් එල්ල වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දී ඇත්තේ බාහිර පාර්ශවයන්ගෙන් බලපෑම් එල්ල වන බව කණ්ඩායමේ පුහුණුකරු ද පවසා ඇති බවයි.
දඹුල්ල ක්රීඩාංගණයේ දී පේ්රක්ෂකයන්ගේ හැසිරීම පිළිබඳවද මහේල මෙහි දී අදහස් දක්වා තිබෙනවා.
පේ්රක්ෂකයන්ට දැනෙන දේ තමන්ට ද දැනෙන නමුත් තැන්පත්ව ගැටළුවලට විසදුම් සොයා ගත යුතු බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.