Tuesday, May 14, 2024

General line - 0115112241

සුපිරි බලවතා හා සුපිරි මොලකරු යුධ අභ්‍යාසයක




ජපානය සහ අමෙරිකාව එක්ව ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයක් නැගෙනහිර චීන මුහුදේ අද (09) සිදුකර තිබෙනවා.

පසුගියදා උතුරු කොරියාව සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීමෙන් පසුව ජපානය සහ අමෙරිකාව සිදුකළ පළමු ගුවන් අභ්‍යාසය මෙය ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට පෙර පසුගිය අගෝස්තු 31 වනදා ජපානය සහ ඇමරිකාව එක්ව සිදුකළ ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයෙන් දින 2 කට පසු උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුකළේ ජපානයට ඉහළින් මිසයිලය යොමුකරමින්.