Wednesday, May 15, 2024

General line - 0115112241

කලාපීය ආරක්ෂාව ශක්තිමත්




තුර්කි ජනපති රෙසෙෆ් අර්ඩවාන් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හදිසි සාකච්ඡාවක් සිදුව තිබෙනවා.

මෙහිදී කලාපීය ආරක්ෂාව සහ දෙරට අතර පවතින විදේශ සබඳතා පිළිබඳව විශේෂ අවදානය යොමු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම සාකච්ඡාවට පෙර තුර්කි ජනාධිපතිවරයා අමෙරිකානු බලධාරීන් දැඩි ලෙස විවේචනයට ලක් කරමින් ප්‍රකාශයක් සිදුකර තිබුණා.

කෙසේ වෙතත්, දෙරට අතර පවතින සබඳතා ශක්තිමත් කර ගනිමින් ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ තීන්දු රැසක් මෙහිදී ගත් බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ.