Sunday, December 29, 2024

General line - 0115112241

කණ්ඩුල හස්තියාගේ මරණය සෙවීමට කමිටුවක් (UPDATE)




කණ්ඩුල නම් හස්තියා මිය යාම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට හිටපු මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තුගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත්  කර තිබනවා.

, තිරසර සංවර්ධන හා වන ජිවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රමගේ උපදෙස් මතයි.

මෙම හස්තියා ප්‍රතිකාර සඳහා ලොරි රථයකින් පින්නවල ප්‍රදේශයට රැගෙන යමින් තිබියදී ඉකුත් 09වනදා අදාළ රථය අනතුරට ලක් වුණා.

තුවාල ලැබූ හස්තියා ප්‍රදේශවාසීන් විසින් දොඹකර ආධාරයෙන් බේරාගත්තද ඒ වනවිටත් හස්තියා ඉතා අසාධ්‍ය තත්වයෙන් පසු වු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

----------------------------------

හබරණ සෆාරි අලියා අවාසනාවන්ත ලෙස මරුට(11-09-2017 10:25)

හබරණ ප්‍රදේශයේ සෆාරි සඳහා යොදවා සිටියදී අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පින්නවලට රැගෙන එමින් තිබිය දී අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් කන්ටේනර් රථය තුලම පෙරළී අසාධ්‍ය තත්වයට පත් වූ කණ්ඩුල නැමති අලියා ඉතා අවාසනාවන්ත ලෙස අද ( 11 ) අලුයම මියගොස් තිබෙනවා.

මෙම අලියාගේ අයිතිය පිළිබඳව ගැටලු ඇති වී තිබූ බැවින් හිමිකරුවන් යැයි පැවසෙන පිරිස මෙහිදී අලියාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා.

ඉකුත් 09 වැනි දින සවස අනතුරට පත් අවස්ථාවේ පටන් 10 වැනි දින රාත්‍රිය දක්වා අලියා වෙනුවෙන් කිසිඳු පියවරක්ද නොගෙන තිබූ බවයි වාර්තා වෙන්නේ.

-----------------------------------------

හබරණ සෆාරි අලියාට මගතොට ප්‍රතිකාර

(10-09-2017 19:09) - මහනුවර - කමල් සුරවීර

හබරණ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරික සෆාරි කටයුතුවල යොදවා සිටි අලියෙකු රෝගාතුරු වීමෙන් පසු කෑගල්ලට ප්‍රතිකාර සඳහා රැගෙන යන අවසථාවේ දී  පෙරේදා තවත් කරදරයකට මුහුණ දී තිබෙනවා.

අලියා රැගෙන යමින් සිටි අවස්ථාවේ කඩුගන්නාව ප්‍රදේශයේ දී අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇති අතර අලියා ලොරි රථය තුළ ඇදගෙන වැටුණා.

එ් හේතුවෙන් එම ස්ථානයේ දීම අලියාට හදිසි ප්‍රතිකාර සිදු කෙරුණා.

අනාරක්ෂිත අයුරින් අලියා දිගු වේලාවක් ප්‍රවාහනය කිරිමෙන් මෙලෙස අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.