Sunday, December 29, 2024

General line - 0115112241

සිල් රෙදි සිද්ධියට සම්බන්ධ පාර්ශවයන් මහජනතාවගේ දෙපා වැඳ සමාව ගත යුතුයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළේ ආණ්ඩුවේ මුදල්වලින් සිය පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමක් පමණක් බව අමාත්‍ය පී. හැරිසන් පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ නියෝගයට රාජ්‍ය සේවකයන් වශයෙන්  විරුද්ධ වීමේ හැකියාව හිටපු ජනාධිපති ලේකම්වරයාට සහ අනුෂ පැල්පිටට තිබු බවයි.

නමුත් ඔවුන් එසේ නොකර සිය කැමත්තෙන් එම කටයුතුවල නිරතවී ඇති බවයි පී.හැරිසන් අමාත්‍යවරයා මහනුවර අද(11) පැවති උත්සවයකදී කියා සිටියේ.

සිල් රෙදි සම්බන්ධයෙන් අදාල පාර්ශව සියල්ල මහජනතාවගෙන් දෙපා නැමැද සමාව ගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.