Thursday, September 19, 2024

General line - 0115112241

කන්ද උඩරට ළමිස්සියක් හොලිවුඩය ජයගනී – මේ ඇගේ කතාවයි (PHOTOS)



2017 තිරගත වීමට නියමිත Justice League චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් ගැන මේ දිනවල බොහෝ දෙනා කතාබහ කරනවා.

හොලිවුඩ් super hero comic hit චිත්‍රපටයක රඟපාන පළමු ශ්‍රී ලාංකියයා වන ඇය, නමින් ශලිනි පිරීස්.

ඇයගේ ගම් පළාත කන්ද උඩරට මහනුවර ප්‍රදේශය බවයි වාර්තා වන්නේ.

මේ වසර ආරම්භයේ පැවති කුසලතා පරීක්ෂනයකින් පසුව ඇයට මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වීමට ඉඩ සැලසුණු බව ඇය පවසනවා.

මේ වන විට එංගලන්තයේ ජීවත්වන ඇය ලංන්ඩනයේ පිහිටි Acting program and Arts and Arts Educational පාසැලෙන් රංගනවේදී විශේෂ උපාධිය හිමිකරගෙන තිබෙන අතර Hampstead theatre,Theatre Royal Stratford East හා Tamasha වැනි ලොව පිළිගත් රංගන ආයතන සමග ද ඇය කටයුතු කර තිබෙනවා.

Justice League චිත්‍රපටයේ Bio Hazard soldier (විශේෂ සුරක්ශිතාගාරයට ඇතුලු වීමට අවසර ඇති සෙබළියක්) කෙනෙකුගේ චරිතය ශලිනි විසින් නිරූපණය කරනු ලබනවා.

මෙම චිත්‍රපටය ඔබට නැරඹීමට හැකිවන්නේ 2017 වසරේදීය.

13697051_535550196631130_2554391653010186499_n

13697119_535544066631743_4325609664395366905_n

13709973_535544763298340_5114947439376298641_n

13728920_535654873287329_6897124651510641463_n

13731716_535672833285533_8535730647754815184_n

CS-Shalini-02

13680657_535544733298343_757713818085006319_n

13690744_535785849940898_4747691013387258824_n