Wednesday, May 1, 2024

General line - 0115112241

පෙට් ස්කෑනර් යන්ත්‍රය වෙනුවෙන් මුල්වූ මොහමඩ්ගේ පුත්‍රයා පිළිකාවක් නිසා දිවි හැර යයි 




පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදි ගැනීමට මහරගම අපේක්ෂා (පිළිකා) රෝහල වෙනුවෙන්   අරමුදල් එක්රැස් කළ  කඩීජා පදනමේ නිර්මාතෘ එම්.එස්.එච්.මොහමඩ්ගේ පුත්‍රයා හමීඩ් මොහොමඩ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


පිළිකා රෝගයකට ගොදුරුව සිට අද (12) පෙරවරුවේදී ජීවිතයෙන් සමුගත් අතර  ඔහු මහරගම අපේක්ෂා රෝහලේ පසුගිය කාලයේ ප්‍රතිකාර ලබනු ලැබුවා.

එහි විශාල අඩුවක්ව පැවැති පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම වෙනුවෙන් සිය පියා හරහා ජනතාවගෙන් මුදල් එක් රැස් කිරීම ආරම්භ කළේ ඉන් අනතුරුව වන අතර එහිදී එකතු වූ රුපියල් මිලියන 200ක මුදල බලධාරීන්ට  භාර දී තිබෙනවා.

මිට පෙර ඔවුන් සමග බිබීසී පැවැත්වූ සාකච්ඡාව පහතින් දැක්වෙනවා.