මාතර, තෙලිජ්ජවිල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (12) අත්අඩංගුවට ගත්තා.
ඒ, රුපියල් දසදහසක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මතයි.
සැකකාර විදුහල්පතිවරයා මෙම අල්ලස ලබාගෙන ඇත්තේ තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ ආබාධිත දරුවෙක් විද්‍යාලයේ 3 වන ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම සඳහායි.