බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේ පදිංචි කාන්තාවක් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 170ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
අදාළ සැකකාරිය ප්‍රියන්ති ශිරෝමාලා නම් තැනැත්තියක්. ඇය බුලත්විට විකිණීමේ කටයුතුවල නියලැමින් සිටින අතරවාරයේ හෙරොයින් මත්කුඩු විකිණීමද සිදුකර තිබෙනවා.
කලක පටන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි මුලික විමර්ශන කටයුතු වලදී හෙළිවී ඇත්තේ.
සැකකාරිය අද දින (12) මාළිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ බොරැල්ල පොලිස්ථානය විසින් සිදුකරනු ලබනවා.