Saturday, April 27, 2024

General line - 0115112241

"ප්‍රමිතීන්" පුද්ගලයන් සඳහාත් අවශ්‍යයි



රට තුළ වර්තමානයේ නිර්මාණය වී තිබෙන බොහෝ ගැටළුවලට හේතුව වැදගත් ක්‍ෂේත‍්‍ර සම්බන්ධයෙන් ජාතික සැලසුම් නොමැතිවීම බව විද්වතුන් පෙන්වා දෙනවා.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත පැවසුවේ ජාතික සැලසුම් තිබුණේ නම් ශී‍්‍ර ලංකාව මීට වඩා වේගයෙන් ඉදිරියට ගමන් කරන බවයි.

ඊයේ (12) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී ඔහු මෙම අදහස් පළ කළා.

මෙම වැඩසටහනට සහභාගි වූ ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ විශ‍්‍රාමික අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ලලිත් සෙනවීර පෙන්වා දුන්නේ සැලසුම් සකස් කිරීම මෙන්ම ඒවා කි‍්‍රයාත්මක කිරීමද සිදුවිය යුතු බවයි.

ඒ අනුව සැලසුම් නිවැරදිව කි‍්‍රයාත්මක වන්නේ දැයි හඳුනා ගැනීමට ප‍්‍රමිතීන් හඳුන්වා දිය යුතු බවද ඔහු පෙන්වා දුන්නා. භාණ්ඩ හා සේවාවලට මෙන්ම තැනැත්තන් සඳහාද ප‍්‍රමිතීන් තිබිය යුතු බවයි මෙහිදි වැඩිදුරටත් අවධාරණය කෙරුණේ.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න)