Thursday, May 2, 2024

General line - 0115112241

බහුදින ධීවර යාත්‍රාවක් හදිසියේ ගිනි ගනී (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




හම්බන්තොට ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක් තුළ අද (13) උදෑසන හදිසියේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නෙන් යාත්‍රාවේ විශාල ප්‍රමාණයක්  විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්නෙන් පුද්ගල හානි සිදුව නොමැති අතර යාත්‍රාවට ලක්ෂ 90 ක පමණ හානියක් සිදුව ඇති බවටයි මේ වන විට විශ්වාස කරන්නේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා හම්බන්තොට නාවික හමුදා ගිනි නිවීම් ඒකකය සහ ආපදා කළමණාකරන අංශය, පොලිසිය එක්ව  කටයුතු කළා.