Sunday, May 5, 2024

General line - 0115112241

විලයාය විද්‍යාලයේ පැවැත්වෙන යූ ආර් අ ලීඩර් වැඩසටහනේ අවසන් දිනය අද (UPDATE)




අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ්‍ය සංවර්ධන වැඩසටහනේ අද (18) අවසන් දිනයයි.

ඊට සහභාගි වූ අංකුර නායකයින්ගේ විසරයාම අද සිදුවනවා.

එමෙන්ම විභාග ජය ගැනීම සම්බන්ධයෙන් වූ විශේෂ දේශණයක්ද දරු දැරියන් වෙනුවෙන් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. සන්නිවේදන කුසලතා ප‍්‍රවර්ධන පුහුණු සැසියක්ද ඊට ඇතුළත්.

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ්‍ය සංවර්ධන වැඩසටහන දින 3 ක් පුරා අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වුණා. 

--------------------

අළුත් අත්දැකීම් ලැබුණා... කණ්ඩායම් ක්‍රියාකාරකම් හඳුනා ගත්තා... (UPDATE) (PHOTOS)

(17-09-2017 08:20)

අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ දෙවන දිනය අද සාර්ථවක නිමාව දුටුවා.

මේ ඊට සහභාගි වූ සිසුන් කිහිපදෙනෙකු තමන් ලැබූ අත්දැකීම් පිළිබඳ නෙත් නිවුස් වෙත පළ කළ අදහස්.

ඔවුන් කියා සිටියේ කණ්ඩායමක වශයෙන් කටයුතු කරන ආකාර සම්බන්ධයෙන් මෙහිදී තමන් මනා අවබෝධයක් ලබාගත් බවයි. ආරම්භයේ සිටම අවසන් දක්වා තමන්ට වෙනස් අත්දැකීම් රැසක් ලැබුණු බවද සිසුන් කියා සිටියා.

තවත් සිසුන් පිරිසක් දැක්වු අදහස් මෙතැනින් අහන්න.

-----------------------------

විලයාය විද්‍යාලයේ පැවැත්වෙන යූ ආර් අ ලීඩර් වැඩසටහනේ දෙවන දිනය අද (17-09-2017 08:15)

අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ්‍ය සංවර්ධන වැඩසටහනේ දෙවන දිනය අදයි.

එහි පළමු දිනය ඊයේ (16) නිමාවට පත්වූයේ විචිත‍්‍රවත් ගිනිමැල සංදර්ශනයකින්. 

 

------------------------------

යූ ආර් අ ලීඩර් වැඩසටහන රටේ කාලීන අවශ්‍යතාවක් (UPDATE)

(16-09-2017 18:13)

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහන රටේ කාලීන අවශ්‍යතාවක් බව අරලගංවිල කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ චම්පා කුලසිංහ පවසනවා. ඇය මේ බව පැවසුවේ අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ අද ආරම්භ වූ නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහනට සහභාගි වෙමින්.

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහනේදී දරු දැරියන් මෙන්ම මවුපියන් ද දැනුවත් කෙරෙනවා. මවුපියන් සඳහා වූ පුුහුණු සැසියක් අද පෙරවරුවේ පැවැත්වුණු අතර ඒ පිළිබඳ මවුපියන් දැක්වූයේ මෙවන් අදහසක්. 



විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහනට සහභාගි වී සිටින දරුදැරියන් අද (16) රාත්‍රී කාලයේ ගිනිමැල සංදර්ශනයකට ද එක්වනවා. 
 

--------------------------------------------------------

"යූ ආර් අ ලීඩර්" අද අරලගංවිලදී (PHOTOS)

16-09-2017 09:13

නෙත් නිවුස් සංවිධාන කරන "යූ ආර් අ ලීඩර්" නායකත්ව පුහුණු හා පෞර්ෂ්‍ය සංවර්ධන වැඩසටහනේ 19 වැන්න අද (16) ආරම්භ වනවා. 

ඒ, අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයේදීයි. පළමු ක්‍රියාකාරකම ලෙස දෙදින නේවාසික කඳවුර පැවැත්වෙනවා. 

මව්පියන් සදහා වූ දේශණයක්ද අද පැවැත්වීමට නියමිතයි.

විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ මව්පියන් සදහා වන දේශණය පැවැත්වෙන්නේ අද උදෑසන 9.30 ටයි. 

එම විද්‍යාලයේ මෙන්ම උනන්දුවක් දක්වන වෙනත් ඕනෑම මවෙකුට හෝ පියෙකුටද මේ සදහා සහභාගිය විය හැකි වනවා. ඔවුන් උදෑසන 9.00 ට පෙර විලයාය මධ්‍ය මහා විද්‍යාලයට පැමිණිය යුතුයි.