Saturday, May 4, 2024

General line - 0115112241

පිරිමින් සියදිවි නසා ගැනීමේ ප්‍රවනතාව ඉහළට




ශ්‍රී ලංකාවේ කොතැනක හෝ සෑම පැය 3කට වරක් සියදිවි නසා ගැනීමේ පුවතක් වාර්තා වන බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව දිනකට සියදිවි නසා ගැනීම් 8 ක් වාර්තා වනවා.

මෙසේ සිය දිවි නසා ගන්නන් අතර වැඩි පිරිසක් පිරිමි පාර්ශවය බවද සඳහන්.

පොලිස් වාර්තාවලට අනුව 2017 වසරේ මුල් මාස 6 තුල සියදිවි නසා ගැනීම් 1597 වාර්තා වී තිබෙනවා.

ඉන් 1275 ක් පිරිමින් වන අතර 322 දෙදෙනෙකු කාන්තාවන් .

2015 වසරේ දී සියදිවි නසා ගැනීම් 2389ක් වාර්තා වූ අතර 2016 වසරේ දී 2339 ලෙස වාර්තා වුණා.