හැටන් ප්රදේශයේ පාසල් සිසුන් ප්රවාහනය කරන වෑන් රථ සහ බස් රථ කිහිපයක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර තිඛෙනවා.
ඒ, නුවරඑළිය මෝටර් රථ පරීක්ෂක ආර් සේනාරත්න විසින් අද (18) උදෑසන සිදු කළ හදිසි පරීක්ෂාවකින් අනතුරුවයි.
මෙම පරීක්ෂාවේදී මෝටර් රථ ආඥා පනතේ වාහන නඩත්තු කිරීමේ විධි විධාන යටතේ වන කරුණු 21ක් කෙරෙහි මෝටර් රථ පරීක්ෂකයාගේ අවධානයට ලක් කෙරුණා.
එහිදී අනාවරණ වුණේ හැටන් ප්රදේශයේ පාසල් සිසුන් ප්රවාහනය කරන වාහන රැසක අඩුපාඩුකම් ඇති බවයි.
ඒ අනුව දින 14ක් ඇතුළත එම අඩුපාඩු සම්පුර්ණ කර යලි පරීක්ෂාවකට ඉදිරිපත් කරන ලෙසයි නුවරඑළිය මෝටර් රථ පරීක්ෂකවරයා මෙහිදී නියෝග කර ඇත්තේ.
ඇඟලූම් කම්හල් සේවිකාවන් ප්රවාහනය කරන රථ වාහන කිහිපයක් ද මෙම පරීක්ෂාවේදී ධාවනයෙන් ඉවත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.