කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් යහපාලන රජයට සහයෝගය දැක්වීමට පෙර එතුමා සමඟින් බම්බලපිටිය කුඩා කාමරයක රහස් සැලැස්මක් සැකසූ බව ඩිජිටල් පහසුකම් සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ හැටන් ඩී.කේ.ඩබ් ශාලාවේදී පැවති දිගා පදනමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින්.
එමෙන්ම අමාත්‍ය පලනි තිගාම්බරම් අද සිටින තැන ගැන වැඩියෙන්ම සතුටු වෙන පුද්ගලයා තමන් බවත් ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් කරන සේවය ගැන තමන් දහස් වාරයක් ස්තූතිවන්ත වන බවත් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
" දිගාම්බරම් අද ඉන්න තත්වේ ගැන බලපුවාම වැඩියෙන්ම සතුටු වෙන මිනිහෙක් තමයි හරීන් ප්‍රනාන්දු කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මමයි එතුමයි ප්ලෑන් එකක් ගැහුවේ බම්බලපිටියේ පුංචි කාමරයක් ඇතුළේ. ඉතිං ඒක දන්නේ මමයි එතුමයි විතරයි. එතුමා ඒ ආණ්ඩුවේ ඉන්නකොට යූඑන්පී ආණ්ඩුවට එන්න කියලා පොඩි ප්ලෑන් එකක් ගහපු පළවෙනි මිනිහා තමයි මම. ඒ නිසා තමයි දිගම්බරම් අද ඉන්න තැන ගැන සතුටුම වෙන මිනිහා හරීන් ප්‍රනාන්දු කියලා කියන්නේ" යනුවෙන් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.