වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩ බලන ප්‍රධාන වෛද්‍ය නිළධාරී නිර්මලී තේනුවර කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.
ඒ, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරට ලබා දුන් උපදෙස් අනුවයි.
වැලිකඩ බන්ධනාගාර රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් 19 දෙනෙකුගේ ඉල්ලීම මත මෙම තීරණය ගෙන ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.
එම වෛද්‍යවරුන් ලෙඩ නිවාඩු දමා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග අද විශේෂ සාකච්ඡාවක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ තිබෙනවා.
එහිදී ප්‍රධාන වෛද්‍ය නිළධාරිවරියගේ වෘත්තිය විෂමාචාර පිළිබඳ කරුණු 26ක් ඇතුළත් වාර්තාවක් එම වෛද්‍යවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාර දුන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.
එම කරුණු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරික්ෂණයක් පවත්වන ලෙසද වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇතැයි එම නිවේදනයේ සඳහන්.
වැලිකඩ බන්ධනාගාර වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස වෛද්‍ය ජේ.කේ. මල්වත්තගේ පත්කිරීමට නියමිත බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.