Sunday, December 29, 2024

General line - 0115112241

පිළිතුරු දීම නොදීම මගේ අයිතියක්




දේශපාලකයන් හෝ වෙනත් ඕනෑම පාර්ශවයකින් එල්ල වන චෝදනාවලට හෝ ප්‍රශංසාවලට තමන් පිළිතුරු ලබා නොදෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව කියා සිටියා.

ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම අදහසක් ප්‍රකාශ කිරිමට අයිතියක් ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දුන්නේ.

ඒ අයිතිය අදාළ පාර්ශව වෙත ලබාදී තමන් ප්‍රජාතන්ත්‍රවාදිව කටයුතු කරන බව කියා සිටි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එම ප්‍රකාශවලට එකඟ වීම හෝ විරුද්ධ වීම තමන් සතු අයිතියක් බව ද කියා සිටියා.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා හාලිඇළ ප්‍රදේශයේ ඊයේ (17) පැවති උත්සවයකදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සම්බන්ධයෙන් අදහස් පල කළේ මෙලෙසයි.