අරුන්දික ප‍්‍රනාන්දු මන්තී‍්‍රවරයා විපක්‍ෂයේ අසුන් ගැනීම සහ විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අද (19) සිය ස්ථාවරය ප‍්‍රකාශයට පත් කළා.
එහි තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර සඳහන් කළේ "අරුන්දික මගේ ළඟම මිත්‍රයෙක්...අපි ගොඩක් කිව්වා නිවරැදි මාර්ගයේ ඉන්න කියලා..මාධ්‍ය තුළිනුත් එතුමව ගෙනියන්න ඕන තැනට ගෙනිච්චා කියලා තමයි අපිට පේන්නේ. කොහොම වුණත් මම පැහැදිළිව කියන්න ඕනේ කාරණයක් තමයි.. ජනාධිපතිතුමා කිව්වා අපි ව්‍යවස්ථා සංශෝධනවලට යනවා..වෙනස්වීම්වලට යනවා..හැබැයි ජනමත විචාරවලට තුඩු දෙන්නැති කාරණා සම්බන්ධයෙන් කියලා." යනුවෙනි.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.