ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් මෙතෙක් බුදු දහමට ලබාදී තිබූ සුවිශේෂී තැන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ද ලබාදිය යුතු බව තම ස්ථාවරය යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද නව අතුරු වාර්තාවට එක්කළ පක්ෂවල ස්ථාවරය සඳහන් ඇමුණුම ඔස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ බව පැවසූ බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (26) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් දක්වා සිටියා.
පවතින විධායක ජනපති ධුරය සතු බලතල කිසිවක් සංශෝධනය නොකළ යුතු බවට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම අතුරු වාර්තාවට ඇතුළත් කළ බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.