Friday, October 18, 2024

General line - 0115112241

වැලිකඩ දුරකතන සංඥා අවහිරතා පළමු ව්‍යාපෘතිය අසාර්ථකයි - දෙවන ව්‍යාපෘතිය වෙත අවධානය




රැදවියන් දුරකතන භාවිත කිරීම මැඩලීමට සිරකුටි කේන්‍ද්‍ර කරමින් දුරකතන සංඥා අවහිරතා (ජෑමර්) සවි කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මීට පෙර සැලසුම් කර තිබුණේ දුරකතන සංඥා අවහිරතා කිහිපයක් බන්ධනාගාර තුළ ස්ථාපිත කිරීමටයි.

එහි නියමු ව්‍යාපෘතියක් ලෙස වැලිකඩ බන්ධනාගාරයේ එම යන්ත‍්‍ර කිහිපයක් සවිකර පරීක්‍ෂණ කළද ඉන් නිසි ප‍්‍රතිඵලයක් ලැබී නැහැ.

ඒ අනුව එම කි‍්‍රයාවලිය අත්හැර දැමීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කළේ.

ඊට විසදුමක් ලෙස රැඳවියන් රඳවා සිටින සිරකුටි ආශි‍්‍රතව මෙම ක්‍රියාවලිය සිදුකිරීමට නියමිතයි. එහි නියමු ව්‍යාපෘතිය වැලිකඩ බන්ධනාගාරයේ ඉදිරියේදී සිදුකරන බවයි එහි නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ.