Friday, October 18, 2024

General line - 0115112241

හත් දෙනෙක් රැගෙන ගිය ත්‍රීරෝද රථය බස් රථයේ ගැටේ




තිස්සමහාරාම - කතරගම ප‍්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ, දික්වැල්ල බතීගම ප‍්‍රදේශයේදීයි. ඊයේ (26) රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදු වූයේ ත‍්‍රීරෝද රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන්.

අනතුර සිදු වන අවස්ථාවේ ත‍්‍රීරෝද රථයේ 07 දෙනෙකු ගමන් කරමින් සිටියා.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූයේ 28 හැවිරිදි ත‍්‍රීරෝද රථ රියදුරා, 37 හැවිරිදි හා 56 හැවිරිදි වියේ පසු වූ කාන්තාවන් දෙදෙනෙක්.

තුවාල ලැබූ සෙසු 04 දෙනා බතීගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.