උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතා ජනතා විමුකිති පෙරමුණට කළ චෝදනාව සම්බන්ධයෙන් ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ප්‍රතිචාර දක්වා තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ අදාළ ව්‍යාපෘතියෙන් ගැටලූ මතු වූ පසු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්, යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් හා ඔවුන්ට පක්ෂපාත පිරිස් ඊට වගකිව යුත්තේ තමන් සහ පසුගිය ආණ්ඩුව බවට ප්‍රචාරයක් ගෙන ගිය බවයි. මෙම ව්‍යාපෘති යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමතිවරයාව සිටියදී බවයි රාජපක්ෂ මහතා පවසන්නේ.
ඊට ප්‍රතිචාර දක්වන සමන්ත විද්‍යාරත්න පවසන්නේ මෙම ව්‍යාපෘතිය 2008 අප්‍රේල් 28දා ආරම්භ කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ බවයි. "අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමති කාලේ මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සඳහා විෂය භාර ඇමතිවරයා විදියට කැබිනට් පත්‍රිකාවක් දමපු එක ඇත්ත. නිසි පරිසර අධ්‍යන වාර්තාවකින් තොරව ඔහු ව්‍යාපෘතිය ආරම්භ කළානම් තමයි ඔහු වැරදි.
2001 - 2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේදී උමා ඔය ව්‍යාපෘතිය ඉහළ ප්‍රමුඛතාවකින් යුතු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ බවද මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් පෙන්වා දී තිබුණා. උමා ඔය ව්‍යාපෘතියේ අඩුපාඩු සිදුව ඇත්තේ ව්‍යාපෘති උපදේශකවරුන්ගෙන් නිවැරදි උපදෙස් නොලැබීම හේතුවෙන් යැයි තමන්ට දැනගන්නට ලැබී ඇති බවද එම නිවේදනයේ සඳහන්.
මේ සම්බන්ධයෙන් ද ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න අදහස් දැක්වූවා.
"දැන් මේ ව්‍යාපෘතිය හොඳටම හරිගියා කියල හිතමුකෝ, එතකොට මේ හිටපු ජනාධිපතිතුමා කියයිද මේක අනුර කුමාර දිසානායක ගෙනාපු යෝජනාවක්. හොඳ ව්‍යාපෘතියක් කියල. නෑ. දැන් මේක වැරදිලානේ. ඒකයි මේ කියන්නේ. පරාජය අවජාතකයි.ජයග්‍රහණයට පියවරු සීයයි. දැන් මේ වෙලා තියෙන්නේ ඒකයි."
හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනය මෙතනින් බලන්න