Sunday, May 5, 2024

General line - 0115112241

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහනේ මව්පියන් වෙනුවෙන් දැනුවත් කිරීම අද පස්වරුවේ (UPDATE)




නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහනේ විසිවැන්නෙහි තුන්වන දිනය අදයි.

මෙවර එය පැවැත්වෙන්නේ වහරක මහ විද්‍යාලයේදීයි. කදවුරට සහභාගි වූ දරු දැරියන් ඊයේ රාත‍්‍රියේ විචිත‍්‍රවත් ගිනිමැල සංදර්ශයක් පැවැත්වුවා.  

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහනේ තවත් විශේෂත්වයක් වන්නේ මව්පියන් වෙනුවෙන් ද දැනුවත් කිරීම් සිදුකිරීමයි. මවුපියන් සදහා වන සැසිය අද පස්වරු 2.00ට වහරක මහා විද්‍යාලයේදී පැවැත්වෙනවා.
 

---------------------------

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහන අදත් වහරක මහා විද්‍යාලයේදී සාර්ථකව (PHOTOS)

(30-09-2017 20:23)

නෙත් නිවුස් යූ ආර් ලීඩර් වැඩසටහන සිය ජීවිතයේ අපූරු අත්දැකීමක් බව ඊට සහභාගි වී සිටින දරුදැරියන් පවසනවා. අද උදෑසන ආරම්භ වූ දෙදින නේවාසික කඳවුරේදී ජීවිතය දිනීමට මගපෙන්වන බොහෝ අත්දැකීම් ලැබූ බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ. 

නෙත් නිවුස් යූ ආර් ලීඩර් වැඩසටහන මේ වනවිට පැවැත්වෙන්නේ වහරක මහාවිද්‍යාලයේදීයි. ඊට සහභාගි වී සිටින දැරියන් රාත්‍රියේදී ගිනිමැල සංදර්ශනයකට එක්වනවා.

---------------------------
නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහන අදත් වහරක මහා විද්‍යාලයේදී 

30-09-2017 08:23

 

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහනේ 20 වැන්න කෑගල්ල, දෙහිඕවිට වහරක මහා විද්‍යාලයේදී දැන් පැවැත්වෙනවා.

චාම් සමාරම්භක අවස්ථාවකින් මෙම වැඩසටහන ඊයේ (29) ආරම්භ වුණා.

මුල්ම ක්‍රියාකාරකම වුණේ විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් පැවැත්වුණු පුහුණූ සැසියයි.

විද්‍යාලයීය සියළු දරු දැරියන් වෙනුවෙන් චිත්‍ර හා ගද්‍ය රචනා තරගයක් ද පැවැතුවුණා.

අද (30) සහ හෙට (01) දෙදින තෝරාගත් දරු දැරියන් 100 දෙනෙකුගේ කණ්ඩායමක වෙනුවෙන් නේවාසික කඳවුරක් පැවැත්වෙනවා.

/>