ලෝක ළමා දිනය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝවේ පුංචි උදෑසන සහ කලබල පැංචා වැඩසටහන මගින් සංවිධාන කළ ‘ කලම්බු සිටි ටුවර් ’ චාරිකා මාලාවේ දෙවන අදියර අද (01) පැවැත්වුණා.
දිවයිනේ දුර බැහැර ප්‍රදේශවලින් තෝරාගත් දරුවන්ට ඔවුන්ගේ දෙමව්පියන් සමග කොළඹ නගරයේ වැදගත් ස්ථාන නැරඹීම මෙන්ම තවත් වැඩසටහන් රැසකට එක්වීමේ අවස්ථාව මෙහිදී හිමි වුණා.
ඊට එක් වූ දරුවන් කිහිප දෙනෙකු මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට මෙය නව අත්දැකීමක් බවයි.
තම දරුවන්ට නෙත් එෆ් එම් මගින් අනගි අවස්ථාවක් ලබාදුන් බවත් දරුවන්ගේ දැනුම පෝෂණය කිරිමට නෙත් එෆ් එම් කටයුතු කිරිම අගය කරන බවත් මෙම වැඩසටහනට එක් වූ දරුවන්ගේ දෙමව්පියන් සිය අත්දැකීම් බෙදා ගත්තා.
මේ අතර නෙත් එෆ් එම් රේඩියෝව සහ සුදත් මංජුල සමාජ සත්කාරක පදනම එක්ව සංවිධාන කරන ලෝක ළමා දින සැමරුම් උළෙලක් රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී අද (01) පස්වරුවේ පැවැත්වුණා.
මේ අතර නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නෙත් විශ්මලන්තය ලෝක ළමා දින සැමරුම ලබන 7 වනදා අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතයි.
--------------------------
කලම්බෝ සිටි ටුවර් සාර්ථකව අවසන් (01-10-2017 15:50)
නෙත් එෆ් එම් රේඩියෝවේ පුංචි උදෑසන සහ කලබල පැංචා වැඩසටහන මගින් සංවිධාන කරන කලම්බෝ සිටි ටුවර් චාරිකා මාලාවේ දෙවැන්න අද (01) සාර්ථකව අවසන් වුණා.
කොළඹ නගරයේ ඇති පෞරාණික මෙන්ම අධ්‍යාපනික වශයෙන් වැදගත් ස්ථාන රැසක් නැරඹීමට මෙම දරුවන්ට අවස්ථාව උදා වුණා.
එහි ඡායාරූප කිහිපයක් පහතින්.
--------------------------------------------------
ලෝක ළමා දිනය සමරන්න නෙත් සමග කලම්බෝ සිටි ටුවර් ඇරඹෙයි (01-10-2017 07:50)
නෙත් එෆ් එම් රේඩියෝවේ පුංචි උදෑසන සහ කලබල පැංචා වැඩසටහන මගින් සංවිධාන කරන කලම්බෝ සිටි ටුවර් චාරිකා මාලාවේ දෙවැන්න අද (01) ආරම්භ වනවා.
මෙම චාරිකාව හරහා දූ දරුවන්ට කොළඹ නගරයේ අලංකාර ස්ථාන මෙන්ම වටිනාකමක් ඇති ස්ථාන නැරඹීමේ අවස්ථාව උදා වනවා. මෙම චාරිකාව සඳහා එක්ව සිටින ඇතැම් දරු දැරියන් මේ වන තුරුත් කොළඹ නගරයට පා නොතැබූ අයයි.
නෙත් එෆ්එම් රේඩියෝව සංවිධානය කරන ‘නෙත් විශ්මලන්තය’ ලෝක ළමා දින සැමරුම ලබන 07 වැනිදා අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතයි.
-----------------------
ලෝක ළමා දිනය සමරන්න නෙත් එෆ්.එම් කලබල පැංචා අහන පැංචන්ට සහ පැංචියන්ට කලම්බෝ සිටි ටුවර් එකක් හෙට
(30-09-2017 18:50)
නෙත් එෆ්එම් රේඩියෝවේ පුංචි උදෑසන සහ කලබල පැංචා වැඩසටහන මගින් සංවිධාන කරන කලම්බෝ සිටි ටුවර් චාරිකා මාලාවේ දෙවැන්න ලෝක ළමා දිනය යෙදෙන හෙට (01) සිදුකෙරෙනවා.
කොළඹ නගරයේ ඇති පෞරාණික මෙන්ම අධ්‍යාපනික වශයෙන් වැදගත් ස්ථාන රැසක් නැරඹීමට මෙන්ම දූ දරුවන්ගේ විනෝදාස්වාදය උදෙසා ක්‍රියාකාරකම් රැසක්ද මෙහිදී සිදු කෙරෙනවා.
නෙත් එෆ්.එම් කලබල පැංචා වැඩසටහන අසන දූ දරුවන්ගෙන් තෝරාගත් පිරිසකට තට්ටු දෙකේ බස් රථයක නැගී කොළඹ නගරයේ ඇති මෙම සුවිශේෂී ස්ථාන කරා රැගෙන යනවා.
නෙත් එෆ් එම් රේඩියෝව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ළමා දින වැඩසටහන වන නෙත් එෆ්.එම් විශ්මලන්තය පොළොන්නරුව අරලගංවිල විලයාය මධ්‍ය විද්‍යාලයේදී ඔක්තෝබර් 07දා පැවැත්වෙනවා.