Thursday, May 9, 2024

General line - 0115112241

රියදුරන් IOC ඉන්ධන හල් මගහරින්න සූදානම්




IOC ඉන්ධන ප‍්‍රතික්ෂේප කිරීමට සූදානම් බව පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියැදුරන් සහ ති‍්‍රරෝද රථ රියැදුරන් පවසනවා.

මෙම මස සිට පෙට‍්‍රල් සහ ඩීසල් මිල IOC සමාගම විසින් ඉහළ දැමීමට තීරණය කිරීම මීට හේතුවයි.

සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමයේ සභාපති මල් ශ‍්‍රී ද සිල්වා පෙන්වා දෙන්නේ සුළු කරදරයක් සිදු වුවද සිය සාමාජිකයන් ඉන්ධන මිල අඩු  ඉන්ධන හල් වෙත යනු ඇති බවයි.

සමස්ත ලංකා ත‍්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා. එහිදී ඔහු පෙන්වා දුන්නේ  IOC සමාගමට වැඩි මුදලක් ගෙවීමට සිය සාමාජිකයින්ද සූදානම් නැති බවයි.