Wednesday, January 8, 2025

General line - 0115112241

කඨින මහා පිංකමේ කඨින චීවරය සහ සුගත චීවරය සකස් කිරීමේ පිංකම ඇරඹේ (UPDATE)




දඹදිව බුද්ධගයාවේ මෙවර සිදුකෙරෙන කඨින මහා පිංකමේ කඨින චීවරය සහ සුගත චීවරය සකස් කිරීමේ පිංකම අද පස්වරුවේ කොළඹ 07, බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී ආරම්භ වුණා.

පූජ්‍යපාද ගලිගමුවේ ඥාණදීප ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම පිංකමට මාධ්‍ය දායකත්වය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

පැරණි අත්යන්ත්‍ර භාවිතා කරමින් සහ සියලු සම්ප්‍රදායන් අනුගමනය කරමින් මෙම කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

කඨින චීවරය සහ සුගත චීවරය රන් නූලෙන් වියන ආකාරය දැක බලා ගනිමින් පිං රැස් කරගැනීමට ඔබටද අවස්ථාව සළසා දී තිබෙනවා.

--------------------------

රන් නූලෙන් වියන කඨින චීවරය සහ සුගත චීවරය දැක පිං රැස්කරගන්න අවස්ථාවක් (01-10-2017 07:21)

දඹදිව බුද්ධගයාවේ මෙවර සිදුකෙරෙන කඨින පිංකමේ කඨින චීවරය සහ සුගත චීවරය මැසීම ඇතුළු චීවර නිර්මාණය කිරීමේ පිංකම අද (01) පස්වරුවේ සිදුකෙරෙනවා.

ඒ බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලන ශාලාවේදීයි.

පැරණි අත්යන්ත්‍ර භාවිතා කරමින් සහ සියලු සම්ප්‍රදායන් අනුගමනය කරමින් මෙම කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

කඨින චීවරය සහ සුගත චීවරය රන් නූලෙන් වියන ආකාරය දැක බලා ගනිමින් පිං රැස් කරගැනීමට ඔබටද අවස්ථාව සළසා දී තිබෙනවා.

2017 වසරේ දඹදිව බුද්ධගයාවේ කඨින මහා පිංකමේ නිල මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. 

වප් පුර පසළොස්වක පොහොය සහ ඉල්පුර පසළොස්වක පොහොය අතර කාලය චීවර මාසය ලෙස සැලකෙනවා. මෙම කාලය තුළදී කඨින මහා පිංකම් රැසක් දිවයින පුරා සිදු කෙරෙනවා.