Thursday, May 9, 2024

General line - 0115112241

"පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරන දෙමව්පියන්ට විවිධ ගැටළු තියෙනවා" - ඇමතිගෙන් පැහැදිළි කිරීමක්




2018 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් චක්‍ර ලේඛණය සංශෝධනය කරනු ලැබුවේ එහි ඇති හිඩැස් තැන් ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් පිරිස් දරුවන් ඇතුළත් කරන නිසා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෙන්වා දෙනවා.

විමර්ශනවලදී තහවුරු වූ කරුණු අනුව අදාළ සංශෝධනයන් සිදු කළ බවද පෙන්වා දුන්නා.

කෙසේවෙතත් මේ පිළිබඳව දෙමව්පියන්ගෙන් දිගින් දිගටම ලැබුණු ඉල්ලීම් සහ පැමිණිළි සැළකිල්ලට ගනිමින් එක් එක් ප්‍රදේශයන්ට ආවේනික ප්‍රශ්න ඇති නිසාත් ඔප්පු හිමිකම නැති වුණත් දරුවන් පාසලට ඇතුළත් කර ගැනීමට යම් ඉඩක් ලබා දීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙය කිසිම විටෙක චක්‍රලේඛණය යළි සංශෝධනය කිරීමක් නොව පැහැදිළි කිරීමක් පමණක් බවත් සඳහන් කළා.

ඒ අනුව ඔප්පු හිමිකම නොමැති වීමෙන් පසුගියදා පැවැති සම්මුක පරීක්ෂණවලදී ප්‍රතික්‍ෂේප කරන ලද අයදුම්කරුවන්ට යළි  සම්මුඛ පරීක්‌ෂණ සඳහා පෙනී සිටීමට අවස්ථාවක් හිමිවෙනු ඇති.