දකුණු ආසියාවේ වේගයෙන්ම වියපත් වීමේ ජනගහනයට ශ‍්‍රී ලංකාව හිමිකම් කියන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
මෙරට මුළු ජනගහනයෙන් 12.4%ක් අවුරුදු 60ට වැඩි ජනගහනය ලෙසයි මෙම සංඛ්‍යාලේඛනවලින් හෙළිව ඇත්තේ.
ඒ අනුව ඉදිරි දශක කිහිපයේදී ශ්‍රී ලංකාවේ වියපත් වීමේ වේගය තවත් ඉහළ යාහැකි ප්‍රවණතාවයක් ඇති බවත් පෙන්වා දුන්නා.
2041 වන විට ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 25% එසේත් නැතිනම් සෑම 05 දෙනෙකුගෙන්ම එක් අයෙක් වැඩිහිටියෙක් විදිහට සංඛ්‍යාලේඛණවලින් පෙන්නුම් කරනවා.
ලෝක වැඩිහිටි දිනය යෙදී තිබෙන්නේත් අද (01) දිනයටයි.