Monday, May 6, 2024

General line - 0115112241

විදෙස් නැවියකු විදුලි සැර වැදී මියයයි

සනත් ගමගේ - අම්බලන්තොට




හම්බන්තොට වරායට පැමිණි විදේශීය නෞකාවක සිටි නාවිකයෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබෙනවා.

ඉරානයේ සිට ඉන්දියාව බලා ගමන් කළ නෞකාවක සිටි පුද්ගලයෙකුට විදුලි සැර වැදී ඇති බවට කළ දැනුම්දීමක් අනුව හම්බන්තොට වරාය නාවික හමුදාව විසින් ඔහු හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

රෝහලට ඇතුළත් කරන විටද ඔහු මිය ගොස් සිටි තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 24 හැවිරිදි තුර්කි ජාතිකයෙක්. 

හම්බන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.