Monday, May 6, 2024

General line - 0115112241

ඇමති ගමන් ගත් රථය අනතුරකට ලක් කරමින් පළා ගිය සැකකරුට වැඩ වරදී




දක්ෂිණ අධිවේගී මාර්ගයේදි නිතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක ගමන් කල රථය අනතුරකට ලක්කර පළා ගිය සැකකරුවෙකු ඊයේ (30) නීතිඥවරයකු මාර්ගයෙන් කොල්ලුපිටිය පොලිස්ථානය වෙත භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

පසුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පසුගිය සිකුරාදා (29) දින මෙම අනතුර සිදුවන අවස්ථාවේදී අමාත්‍යවරයා මෝටර් රථය තුල සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සැකකරු ගාල්ල උණවටුන ප්‍රදේශයේ පදිංචි චාමර ධර්මකීර්ති නම් වයස අවුරුදු 32 පමණ  තැනැත්තෙක්. 

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරිමෙන් අනතුරව අනතුර සිදුකරන ලද රථය සගවා තිබියදී සොයා ගැනුනු අතර එහිදී තවත් පුද්ගලයෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා.