Sunday, May 5, 2024

General line - 0115112241

වැරදි තොරතුරු ප්‍රචාරය වීම නිසා ඇතැම් අය බිය වෙනවා - ඇමති වජිර අබේවර්ධන මහා නා හිමියන්ට කියයි  (PHOTOS)




ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ සුමංගල මහා නා හිමියන් බැහැදුටුවා.

එහි දී මැතිවරණ ක්‍රමය ගැන සහ ඒ සම්බන්ධයෙන් ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු පිළිබඳව අමාත්‍යවරයා මහා නායක හිමියන් දැනුම්වත් කර තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මනාප මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය මගින් ද වැරදි ප්‍රචාරයන් සිදුකිරන බවයි. 1978 ව්‍යවස්ථා මනාප ක්‍රමය පිළිබඳ සඳහනක් නැති බවත් එය පසුව 1987 ඇති කළ සංශෝධනයකින් හඳුන්වාදුන් ක්‍රමයක් බවත් ඔහු කියා සිටියා. 

අමාත්‍යවරයා මහ නායක හිමියන් හමුවී කළ සම්පූර්ණ කතාව පහතින්.

''අපි මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවල රජයේ නිලධාරීන් අද හමුවුණා. ඔවුන්ගේ සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය උපකරණ බෙදා දුන්නා. ඒ වගේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳවත් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ඉදිරි ක්‍රීයාමර්ග ගැනත් අපි ඔවුන් දැනුම්වත් කළා. දැනට අපි ප්‍රදේශීය සංවර්ධනය ගැන විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. පසුගිය අවුරුදු 20ක පමණ කාලයේ ග්‍රාමීය පරිපාලනයට යොමු වූ අවධානය අඩුයි. බස්නාහිර පළාතේ ප්‍රධානතම දිස්ත්‍රික්කයක් වන ගම්පහ දිස්ත්‍රික්කයේ ජනගහණය ලක්ෂ 16ක් පමණ වෙනවා. නමුත් දිස්ත්‍රික් පරිපාලනයට ගොඩනැගිල්ලක් නෑ, මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොඩනැගිල්ලක් කළුතර නෑ, අපි මේ භෞතික සම්පත් වැඩිදියුණු කරලා රාජ්‍ය සේවය සම්පූර්ණයේනම නවීකරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ගුණාත්මක රාජ්‍ය සේවයක් ඇතිකිරීමෙන් අපිට හැකියාව ලැබෙනවා ජනතා ගැටළුවලට ඉක්මන් විසඳුමක් ලබා දෙන්න. ග්‍රාම නිලධාරී සේවය කියන්නේ මේ රටේ ඉතාමත් පැරණි රාජ්‍ය සේවයක්. රජවරුන්ගේ කාලයේ සිට පැවත ආ තනතුරක්. නමුත් මේ සේවය තවත් දියුණු කරන්න. අපි ඒ සඳහා දැන් කටයුතු කරගෙන යනවා." 

කොට්ඨාශයට වගකියන මන්ත්‍රීවරයකු බිහිකිරීම ඉතාමත් වැදගත් දෙයක් බවත් මනාප ක්‍රමය හේතුවෙන් විශාල ගැටළු ඇතිවී තිබෙන බවත් පෙන්වාදුන් මහනායක හිමියෝ මහනුවර දිස්ත්‍රික්කයේද ඇතැම් ප්‍රදේශයන් වල පැහැදිලි මන්ත්‍රී නියෝජනයක් නොමැති වීමෙන් ප්‍රශ්න ඇතිවී තිබෙන බව ද කියා සිටියා. එමෙන්ම ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිස්ත්‍රික් හා ප්‍රදේශීය පරිපාලනය වැඩිදියුණු කිරීමට අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශයේ නිලධාරීන් ගන්නා උත්සාහයට ආශිර්වාදය දැක්වූවා.

මහා නායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ කරුණු දැක්වූ අමාත්‍ය වජිර අබේවර්ධන මෙසේ ඔවුන් ඇසූ ප්‍රශ්න වලට මෙසේ අදහස් දැක්වූවා.

''1952 බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවා. දැන් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව රජයක් පිහිටුවා රට පාලනය කරනවා. කවුරුන් මොනවා කිව්වත් මේක ඉතාමත් ශක්තිමත් ආණ්ඩුවක්. රටේ ස්ථාවරත්වයත්, ආණ්ඩුවේ ස්ථාවරත්වයත් ගැන 2025 දක්වා කවුරුවත් කලබල වෙන්න එපා. රජය 2025 දක්වා පාලනය ගෙනියනවා. ඇතැම් අවස්ථාවල දී ඒකාබද්ධ විපක්ෂය විවිධ මත ප්‍රකාශ කරනවා. නමුත් අපි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබෙන බව පසුගිය දිනවලත් පෙන්වා දුන්නා. ඉතින් ඒ අයත් දේශපාලනය කරන්න අවශ්‍යයි. ඔවුන් ඒ කතා කියන්නේ දේශපාලනය තුළ රැඳී සිටින්න. අපි රට සංවර්ධනය කරමින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරමින් ඉදිරියට යනවා. 
වර්තමානයේ කොට්ඨාශ ක්‍රමය ඇතිවීම ඉතා වැදගත්. ප්‍රදේශීය සභාවට, පළාත් සභාවට පාර්ලිමේන්තුවට ඉතා වැදගත්. නමුත් පසුගිය කාලයේ සීමා නිර්ණය කරලා තිබුණේ නැහැ. කොළඹ ග්‍රාම නිලධාරී වසමක් තිබෙනවා පවුල් 12,000ක් ඉන්න. මෙය තමයි සමාජ යතාර්ථය. මේ ප්‍රශ්න විසඳාගෙන එය අපි ඉදිරියට ගෙන යා යුතුයි."

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.