Monday, May 6, 2024

General line - 0115112241

ජගත් මානව හිමිකම් කවුසිලයේ කණ්ඩායම් දෙකක් ලංකාවට




ජගත් මානව හිමිකම් කවුසිලයේ ඉහළ පෙලේ නියෝජිත කණ්ඩායම් දෙකක් ඉදිරි මාස තුන ඇතුළත දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ජගත් මානව හිමිකම් කවුන්සිලය මේ පිළිබඳව ලක් රජයට දැනුම් දී ඇති බවයි සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ වත්මන් සංහිඳියා වැඩපිළවෙල හා නැවත පදිංචි කිරිම්  මෙන්ම  මානව සංවර්ධනය පිළිබඳව එම නියෝජිත කණ්ඩායම් මෙහිදී නිරික්ෂණය කිරිමට නියමිතයි.

එ් සඳහා වූ පළමු නිරික්ෂණ කණ්ඩායම ලබන 10 වැනි දින දිවයිනට පැමිණෙන අතර ඔවුන්  23 වන දින දක්වා ශ්‍රී ලංකාවේ රැඳි සිටිනු ඇති.

දේශපාලන අත් අඩංගුවට ගැනීම් හා දේශපාලන සිරකරුවන් පිළිබඳව සොයා බලන දෙවන කණ්ඩායම දෙසැම්බර් මස 04 වන දින ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බවයි ජගත් මානව හිමිකම් කවුන්සිලය පවසන්නේ.

අදාළ පිරිස ශ්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරින් මෙන්ම විපක්ෂ නායක හා උතුරු නැගෙනහිර ජනතාව හමුවීමට ද නියමිතයි.