Sunday, May 5, 2024

General line - 0115112241

මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින්ට විරෝධය පළ කළ සැකකරුවන් රිමාන්ඩ්




ගල්කිස්ස ප‍්‍රදේශයේදී මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින්ට විරෝධය පළ කරමින් කලහකාරී ලෙස හැසිරුණු සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියක් මේ මස 9 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

, ගල්කිස්ස මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි. මෙම සිව්දෙනා මේ මස 9 වනදා හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.