Monday, May 6, 2024

General line - 0115112241

රට සාරවත් කරන්න නම් කෘමිනාශක තහනම් කරන්න - වනස්පති කියයි




සාරවත් රටක් දකින්නට නම් කෘෂිකර්මාන්තය නගා සිටවීමට කැපවී කටයුතු කළ යුතු බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසනවා.

ඔහු පවසන්නේ ඒ වෙනුවෙන් රටේ ජනතාව විශාල කැපවීමක් කළ යුතු බවයි. එසේ කැවීමෙන් සාරවත් සංවර්ධිත රටක් දැකිය හැකි බවයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පෙන්වා දෙන්නේ.

එමෙන්ම කෘෂි කර්මාන්තය සඳහා භාවිත කරන කෘමිනාශක තහනම් කළ යුතු බවද වන්නිල ඇත්තෝ කියා සිටියා.

කෘමිනාශක භාවිතය පාලනය කළ ද එමඟින් රටට මෙතෙක් කිසිඳු ප්‍රයෝජනයක් නොමැති බව කියා සිටි ඔහු එය රජයට පමණක් කළ නොහැකි බවයි කියා සිටියේ.

ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ මෙම අදහස් පල කළා.