රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය සහ සයිටම් ශිෂ්‍ය දෙමව්පිය සංසදය අද (01) එකඟතා ගිවිසුමකට අත්සන් තැබුවා.
ඒ, සයිටම් ගැටළුව විසදීමට රජයේ වෛද්‍ය පීඨ අටෙහි පීඨාධිපතිවරුන් ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු 4ක් ආණ්ඩුවට ඉදිරිපත් කරමින්.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදුවුණා.
එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමයේ උපදේශක මණ්ඩලයේ සාමාජික වෛද්‍ය හැරිස් පතිරගේ අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.
වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය හා ස්ථාවරයට එරෙහිව සිදුකරනු ලබන බලපෑම් සම්පූර්ණයෙන්ම නතර කළ යුතුයි යන්න ඇතුළු තවත් යෝජනා කිහිපයක් ද ගිවිසුමට ඇතුලත්
තමන් විසින් පෙන්වා දී ඇති කරුණු සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී පවතින සයිටම් අර්බුදය විසඳන ලෙසයි ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.