ජාතියේ දරු පරපුර දැනුමෙන් මෙන්ම ගුණයෙන් යුත් යහපත් දරු පරපුරක් ලෙස ගොඩනැගීමට රජය කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
දරුවන්ගේ ආරක්ෂාව සහ අභිවෘද්ධිය වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගන්නා බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අද (01) පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
මත්ද්‍රව්‍යවලින් රටේ දරු පරපුර නිදහස් කර ගැනීමට රජය දැඩි කැපවීමකින් කටයුතු කරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී අවධාරණය කළා.
කොළඹ ආනන්ද විද්‍යාලය සහ පොළොන්නරුව රාජකීය විද්‍යාලය එක්ව මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුව සංවිධාන කර තිබුණා.