Saturday, July 27, 2024

General line - 0115112241

'කැටලන්' ස්පාඤ්ඤයෙන් නිදහස් විය යුතුද ? නැද්ද? ජනමත විමසුමට බාධා




ස්පාඤ්ඤ පාලනය සහිත 'කැටලන්' පළාතට නිදහස දිය යුතුද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද (01) ආරම්භ වූ ජනමත විචාරණය පැවැත්වෙද්දී පොලිසිය සමඟ ගැටුමක් ඇති වී තිබෙනවා.

එම ගැටුමෙන්  විශාල පිරිසක් තුවාල ලබා ඇති බව එම පළාතේ නිලධාරින් සඳහන් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් නීතියට පටහැණි බව තීරණය කරන මෙම ජනමත විචාරණය නොපවත්වන ලෙස ස්පාඤ්ඤ ආණ්ඩුව නියෝග කර තිබුණා.

'කැටලන්' පළාත ස්පාඤ්ඤයට අයත් ස්වයංපාලන බලතල සහිත භූමියක් වන අතර 'බාසිලෝනා' එහි අගනුවර ද වනවා.

'කැටලන්' ස්පාඤ්ඤයෙන් වෙන්ව නිදහසක් රාජ්‍යයක් බවට පත්විය යුතුද? නැද්ද ? යන්න සම්බන්ධයෙන් මහජන මතය විමසීම වෙනුවෙන් මෙම ජනමත විචාරණය කැඳවන තිබුණා.

'කැටලන්' ප්‍රාදේශීය පාර්ලිමේන්තුව විසිනි.

ඒ අනුව පැවැත්වුන ඡන්ද විමසීම ආරම්භයේ සිට බාධා කිරීම්වලට ලක් වූ බව වාර්තා වුණා.