Saturday, January 18, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවේ පිතිකරුවන් 03 දෙනෙකුට උසස් වීම්




අන්තර්ජාතික ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණීමට දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න සහ නිරෝෂන් දික්වැල්ල සමත්ව සිටිනවා.

ඒ, පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

එම තරගයේ පළමු ඉණිමේ දී ලකුණු 155ක් රැස් කළ දිනේෂ් චන්දිමාල්, ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන 13ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු එම සටහනේ පසුවන්නේ 20 වන ස්ථානයේයි. 

ස්ථාන 05කින් ඉදිරියට පැමිණි දිමුත් කරුණාරත්න එම සටහනේ දැන් පසුවන්නේ 26 වන ස්ථානයේයි.

ස්ථාන 20කින් ඉදිරියට පැමිණි නිරෝෂන් දික්වැල්ලට එහි 41 වන ස්ථානය හිමිව තිබෙනවා.

අන්තර්ජාතික ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් සටහනේ පෙරමුණේ පසුවන්නේ ඕස්ටේ‍්‍රලියානු නායක ස්ටීවන් ස්මිත්.