Wednesday, May 15, 2024

General line - 0115112241

රයන් යළිත් ඇතුළට




වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි වාර්තා වුණේ.


අධිකරනය මගහරිමින් සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට අධිකරනය මීට පෙර  වරෙන්තු නිකුත් කර තිබුණා.

ඉකුත් ජූනි මස 21 වැනි දා පස්වරුවේ කොළඹදී පැවති සයිටම් විරෝධී පාගමනින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපල‍වලට රුපියල් ලක්ෂ 15 ට ආසන්න හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර් ඒ විජේසේකර මරදාන පොලිසියට කළ පැමිණිල්ලක් මත මොවුන්ට එරෙහිව අධිකරනයට කරුණු වාර්තා කළා.