Tuesday, May 7, 2024

General line - 0115112241

ක්‍රීඩකයින් දිගින් දිගටම ආබාධවලට ගොදුරුවීම ගැන අරවින්ද කතා කරයි




ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ දිගින් දිගටම ඇති වන ආබාධ සම්බන්ධයෙන් සොයා බැලීමට සමීක්ෂණයක් සිදු කළ යුතු බව හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක අරවින්ද ද සිල්වා පවසනවා.

මෙම සමීක්ෂණ හරහා නිතර නිතර ආබාධ ඇතිවීමට හේතු නිවරැදිව හඳුනා ගැනීමට හැකියාව ලැබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ. පිළියම් කළ යුත්තේ ඒ අනුව මිසක් හිතෙන හිතෙන ලෙස පිළියම් කිරීම මීට දීර්ඝ කාලීන විසඳුම නොවන බවත් පැහැදිළි කළා.

ක‍්‍රිකට් වැඩමුළුවේ දී ලබා ගැණුනු යෝජනා පිළිබඳ සලකා බැලීමට පත් කළ කමිටුවේ ඊයේ (03) පැවති රැස්වීමෙන් අනතුරුව ක‍්‍රීඩා අමාත්‍යංශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. 

ක‍්‍රීඩකයින් තුළ විශ්වාසය ගොඩනැගීම ද වැදගත් වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.