Tuesday, May 14, 2024

General line - 0115112241

අගමැති ජර්මනියේ සංචාරයක




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, පෞද්ගලික සංචාරයක් සඳහා හෙට (05) ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතයි.

අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජර්මනියේ බර්ලින් නුවර සංචාරයෙන් අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා ලබන 09 වනදා ෆින්ලන්තයේ නිල සංචාරයක් සඳහා ද එක්වනු ඇති බවයි. ෆින්ලන්තය හා ශ‍්‍රී ලංකාව අතර සබඳතා තහවුරු කිරීමේ අරමුණින් එම සංචාරය සිදු කෙරෙනවා.

එහිදී අග‍්‍රාමාත්‍යවරයා හා ෆින්ලන්ත අග‍්‍රාමාත්‍යවරයා අතර ද්වීපාර්ශවික සාකච්ඡා ද පැවැත්වීමට නියමිත බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.