Tuesday, May 14, 2024

General line - 0115112241

ෆේස්බුක් සටහනක් තබා  'ජාත්‍යන්තර පාසැලේ යොවුන් ගුරුවරියත්'  සමුගනී...ගෝතමිය කඳුළින් තෙත්වේ 

අයිරංගි එදිරිසිංහ




ෆේස්බුක් සටහනක් තබා ගෙළ වැළලාගත් මාලබේ පදිංචිව සිටි ජාත්‍යන්තර පාසැලක ගුරුවරියකගේ අවසන් කටයුතු අද (04) සිදුවනවා.

ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පස්වරුවේ  (03) පැවැත්වුණා.

කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.ප්‍රනාවන් විසින් එය පැවැත්වූ අතර තලංගම දකුණ හදිසි මරණ පරීක්ෂකා ප්‍රේමලතා අබේවර්ධන  වෛද්‍ය වාර්තා සහ සාක්ෂි පදනම් කරගනිමින් මෙය දිවි නසා ගැනීමක් බව තීරණය කරනු ලැබුවා. 

මාලබේ කහන්තොට මාර්ගයේ පදිංචි නිශාදි  දිලුෂා කැකුලාවල නැමැති තිස් හැවිරිදි ජාත්‍යන්තර පාසැලක ගුරුවරියක් මෙලෙස දිවි නසාගෙන තිබෙනවා.

කොළඹ ගෝතමී විද්‍යාලයේ  උගත්  ඇය ඊයේ (03) අලුයම මෙලෙස දිවි නසාගෙන ඇති අතර ඊට දින පහකට පෙර  රැකියාවෙන්ද ඉවත ඇති බවයි ඇගේ මව මරණ පරීක්ෂණයේදී සඳහන් කළේ. 


"සියල්ල අවසන්ව යන  තැනකි"  ලෙසින් ෆේස්බුක් සටහනක් තබා ඇති දිලුෂා පසුව නිවසේ උඩුමහලට ගොස් ගෙළ වැළලාගෙන තිබෙනවා.