Tuesday, May 7, 2024

General line - 0115112241

තමීම් ඉක්බාල්ට දෙවන තරඟය අහිමි වෙයි!




බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායම සතුව මේ වනවිට සිටින දක්‍ෂතම කී‍්‍රඩකයෙකු ලෙස සැලකෙන තමීම් ඉක්බාල්ට දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අහිමි වී තිබෙනවා. ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.

පළමු ටෙස්ට් තරගයෙන් පසු පැවති පෙර පුහුණුවීම්වලදි තමීම් ඉක්බාල් මෙලෙස ආබාධයකට ලක්ව ඇති බවයි කී‍්‍රඩා මාධ්‍ය වාර්තා කළේ. ඔහු එක්දින තරගාවලියට සම්බන්ධ කර ගන්නවාද? නැද්ද යන්න සම්බන්ධයෙන්ද මේ වනවිට පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක්.

ටෙස්ට් තරග 53 කට කී‍්‍රඩා කර ඇති තමීම් ඉක්බාල් පිතිකරුවෙකු ලෙස ලකුණු 3,886 ක් රැස්කර ගෙන සිටිනවා.